Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

ලබන වසරේ අයවැය නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට

ලබන වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 8 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 9 වැනි දින ආරම්භ කෙරෙන අතර, අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසිම නොවැම්බර් 16 වැනි දින පස්වරු 5.00 සිදු කෙරේ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 17 වැනි දින ආරම්භ වී දෙසැම්බර් 8 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත වේ.