Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය ඉදිරියට

නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් කණ්ඩායම් අතර සිව්වන ස්ථානයට පැමිණීමට එංගලන්ත කණ්ඩායම සමත්වේ.

ඒ ඉන්දීය කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය හතරට එකක් ලෙස ජය ගැනීමත් සමඟයි. තරඟාවලිය ආරම්භයේදී ප්‍රසාද ලකුණු 97 ක් සමඟින් එංගලන්ත කණ්ඩායම පස්වන ස්ථානයේ පසුවිය. කෙසේවෙතත් තරඟාවලියේදී දැක්වූ දක්ශතා හේතුවෙන් ඔවුන් සිව්වන ස්ථානය දක්වා පැමිණීමට සමත්ව ඇති අතර ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 105 ක් වේ. ඒ අනුව  මේ දක්වා සිව්වන ස්ථානයේ පසු වූ නවසීලන්ත කණ්ඩායම පස්වන ස්ථානයට පත්ව ඇති බව සඳහන්. ඉන්දීය කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පළමුවන ස්ථානයේ තවදුරටත් පසු වන අතර දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේත් ඔස්ට්‍රේලියාව තෙවන ස්ථානයේත් පසුවේ.