Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරානයේ නිල සංචාරයක

දෙදින ඉරාන සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරානයට ගොස් ඇත.
ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුමකට අනුව එරටට ගිය ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදි ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ  සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා හා ඉරාන ජනාධිපතිවරයා අතර නිල හමුව අද (13)  සිදුවන අතර දෙරටේ ආර්ථික සහ වෙළඳ සබඳතා වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි. ඉරාන වාණිජ මණ්ඩලය සංවිධානය කරන විශේෂ ආයෝජන සහ ව්‍යාපාරික සමුළුවකට ද ජනාධිපතිවරයා සහභාගී වන අතර ඉරාන පාර්ලිමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතයි.