Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම ජාත්‍යන්තර විශ්වාසය පළුදු කිරීමක් බව ජර්මානු චාන්සලර්වරියගෙන් චෝදනා

ජර්මානු චාන්සලර් Angela Merkel මහත්මිය ජර්මනියේ Münster නගරයේ පැවති ක්‍රියාකාරකමකට එක් වූ අවස්ථාවේදී මේ බව පැවසුවා ය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් සහ දේශගුණ විපර්යාසය පිළිබඳ පැරිස් ගිවිසුමෙන් ඉවත් වී‍මේ ඇමරිකාවේ තීරණය ජාත්‍යන්තර බහුපාර්ශ්වවාදී සහයෝගතාවන්ට පීඩාවක් බව ඇය එහිදී සඳහන් කළාය.

අසීරු තත්ත්වයකට මුහුණ දුන්න ද ජර්මනිය ජාත්‍යන්තර බහුපාර්ශ්විකවාදී සහයෝගතා ස්ථීර ලෙස තහවුරු කරන බව ද Angela Merkel මහත්මිය කියා සිටියා ය. ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් පසුගිය 8වැනිදා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම ප්‍රකාශ කිරීමෙන් පසු, ජර්මනිය හදිසි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් කඩිනම් කර තිබේ.

ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ඒකාබද්ධ නිවේදනයක් පළ කරමින් එම රටවල් තුන ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ රැඳී සිටිනු ඇතැයි පවසා ඇත. පසුගිය 10වැනිදා Angela Merkel මහත්මිය ඉරාන ජනාධිපති Hassan Rouhani මහතා සමඟ දුර්කථන සාකච්ඡාවක් පවත්වමින් ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ අදාළ වගකීම්වල නියැළී සිටිනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසුවා ය.