පෘථිවිය ඇතුළත් සූර්යග්‍රහ මණ්ඩලය පවතින ක්ෂීර පථයේ චක්‍රා වාටයෙන් පිටත මන්දාකිණියකින් ප්‍රථම වරට ග්‍රහලෝක පෙළක් සොයාගනී. අමෙරිකානු ඔක්ලොහෝමා සරසවියේ තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු මේ බව අනාවරණ කර තිබේ. ඒ නාසා ආයතනයේ අභ්‍යවකාශයේ පිහිටි එක්ස් කිරණ පරීක්ෂණාගාරයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය. මෙතෙක් ක්ෂීර පථයෙන් පිටත ග්‍රහලෝක පවතින බවක් සොයාගෙන නොතිබිණ.
Wednesday, February 7, 2018
අදින් සියලු ප්‍රචාරන කටයුතු අවසන්
පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරන වැඩසටහන් අද (7) මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණයෙන්ම තහනම් බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර තිබෙන සියලු පෝස්ටර්, කටවුට් ආදිය අද මධ්‍යම රාත්‍රියෙන් පසු ගලවා ඉවත් කළ යුතු අතර, පක්ෂ කාර්යාලවල පවා ඉන් අනතුරුව පැවැතිය හැක්කේ අදාළ පක්ෂයේ නම පමණක් බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සඳහන් කර සිටී.
Tuesday, February 6, 2018
සීගිරිය කැටපත් පවුරේ නැවතත් දීලීරයක් පැතිරයාමේ අවධානමක්
සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා වාර්තා විය. සීගිරි කැටපත් පවුර සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු සිදු කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂකයින් සහ කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුව මේ බව අනාවරණය විය.
මොස්කව් හී දරුණු හිම පතනයක්
රුසියාවේ මොස්කව් අගනුවරට වාර්තාගත හිමපතනයක්. මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ හේතුවෙන් දෙදහසකට අධික ගස් ප්‍රමාණයක් කඩා වැටී ඇති බව පැවසේ. හිම පතනය නිසා සිදු වු අනතුරු වලින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්. මෙය 1957 වසරෙන් පසු මොස්කව් නුවරට බලපෑ දරුණුතම හිමපතනය බව පැවසේ.
තුර්කි ජනාධිපතිවරයා රොමයේ සංචාරයක
තුර්කි ජනාධිපති තායිප් එර්දොගාන් රෝමයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවේ. තුර්කි ජනාධිපතිවරයෙකු මෙසේ රෝමයේ සංචාරයක නිරත වෙමින් පාප් වහන්සේ බැහැදැක ඇත්තේ, වසර 59 කට පසුවය. කෙසේ වෙතත් රෝමයේ ආරක්ෂාව ද තරකර ඇති බව පැවසේ.
මේ වසර අවසානයේදී බත්තරමුල්ල දුම්රිය සේවාව ආරම්භ කෙරේ
රටක් සංවර්ධනයට ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් විය යුතුය. ඒ අනුව යමින් රජය බත්තරමුල්ල නගරය ඉලක්ක කරගනිමින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතියේ කටයුතු මේ වසර අවසානයේදී අරඹන බව, පැවසේ. එහි ප්‍රධාන ශක්‍යතා අධ්‍යනය , පරිසර අධ්‍යනය ජුනි මාසය වන විට සිදුකර අවසන් කිරීමට අපේක්ෂිතය. ජපන් ආධාර මත සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් පැයකට මගීන් 3000 ක් එහා මෙහා ගෙන යෑමේ හැකියාවක් පවතී.
පේදුරුතුඩුව - කන්කසන්තුරය මාර්ගය විවෘත කෙරේ
පේදුරුතුඩුව - කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය යළි විවෘත කෙරේ. මෙම මාර්ගය වසර 28 ක් වසා දමා තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග අනුව මාර්ගය යළි විවෘත කරනු ලැබීය. 1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් වශයෙන් සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දමා තිබිණ.
“හොංකොං” ලොව යහපත්ම හා විධිමත්ම කලාප අතර 4 වන තැන
චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය ලෝකයේ යහපත්ම පරිපාලන හා විධිමත් කලාප අතරින් සිව් වැනි ස්ථානය දිනා ගෙන තිබේ. “ලෝක සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය 2017 ගෝලීය නීතිමය පරිපාලන වාර්තාව” නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. ලෝකයේ රටවල් හා ප්‍රදේශ 113 මේ සඳහා තෝරා ගෙන තිබිණ.
Monday, February 5, 2018
සිව්වෙනි වරටත් ඉන්දියාවට යොවුන් ලෝක කුසලානය
අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ සිවුවැනි වරටත් දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වුහ. මේ සමග යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ වැඩිම වාර ගණනක් දිනාගත් රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක්විය. නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 8ක පරාජයක් විද ගැනීමට ඔස්ට්‍රේලියාවට සිදුවිය.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 ක් අත්අඩංගුවට
මධ්‍යම අමෙරිකානු රටවල සිට අමෙරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට තැත් කළ තවත් 200 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් ටෙක්සාස් දේශසීමා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. ඒ කන්ටේනර් රථයක් තුළ සැගව සිටියදීය. මොවුන්ට ආහාර හෝ ජලය ප්‍රමාණවත් ලෙස නොතිබූ බවද සදහන්වේ.
රටට අවශ්‍ය ඖෂධ සියයට 90 ක් නිෂ්පාදනය රට තුළම - අමාත්‍ය රාජිත
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් 90%ක් රට තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගැනේ. ලබන වසර අවසන් වීමට පෙර මෙය ක්‍රියාවට නංවන බව, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටී. පයාගල, මග්ගොන ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන සංකීර්ණයක ඉදිකිරීම් ආරම්භ කෙරිණ. එය මෙරට ඉදිකෙරෙන පිළිකා නාශක ඇතුළු ඖෂධ නිපදවීමේ පළමු මධ්‍යස්ථානය වේ.
ඉන්දීය නෞකාව පැහැර ගෙන ඇති බවට සැකයක්
මේ වන විට ඉන්දියාව, නයිජීරියාව හා බෙනින් රාජ්‍ය සමඟ විශේෂ සබඳතාවක් ගොඩණගමින් සිටී. එමඟින් නෞකාව ඇති ප්‍රදේශය හදුනාගැනීම අපේක්ෂා කෙරේ. නෞකාව අතුරුදන්ව ඇත්තේ, බටහිර අප්‍රිකා මුහුදේදීය. ඒ වන විට එහි 22කු ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිට තිබේ.
8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට 4 වැනි තැන
ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සමත් විය. ඒ මීටර් 1500 තරග ඉසව්වෙනි. ගයන්තිකාට ඒ සදහා ගතවූයේ විනාඩි 4යි තත්පර 26.83 ක කාලයකි. එහි රිදී පදක්කම විනාඩි 4:28.20 කින් තරගය නිමකළ කසකස්ථානයේ ටටියානා නෙරොස්නැක් දිනා ගත්තේය. වියට්නාමයේ තායි ඕවෑන්ගුයෑන් විනාඩි 4:28.87 කින් තරගය නිම කරමින් ලෝකඩ පදක්කමත් දිනා ගනු ලැබීය. මේ අතර, දුර පැනීමේ පිරිමි ඉසව්වෙන් ජානක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
තවත් භාණ්ඩ 143 ක් සඳහා තීරු බදු සහන
“ආසියා ශාන්තිකර වෙළද ගිවිසුමට” අනුව තවත් භාණ්ඩ 143 ක් සඳහා තීරු බදු සහන ලබා දීමට ශ්‍රී ලංකාව පියවර ගනී. ගිවිසුමට අනුව මෙය 4 වන වටයේ ක්‍රියාත්මක තීරු බදු සහනය වේ. මෙයින් රාජ්‍ය ආදායමට හා දේශීය කර්මාන්තවලට හානි නොවන බව පැවසේ. චීනය, ඉන්දියාව, ශ්‍රීලංකාව, බංග්ලාදේශය හා දකුණු කොරියාව ආසියා ශාන්තිකර වෙළඳ ගිවිසුමට අයත් රටවල් අතර වේ.
රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සිරියාවේදී අනතුරට
රුසියානු සුකෝයි 25 වර්ගයේ ප්‍රහාරක යානයක් වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේදී කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළා තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යානයේ නියමුවා යානයෙන් පැන ඇති නමුත් කැරළිකරුවන්ගේ ප්‍රදේශයට වැටිම නිසා ඔවුන් අතින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවය.
හොංකොං ඉදිකිරීම් භූමියෙන් තවත් බෝම්බයක්
දෙවැනි ලෝක යුද සමයට අයත් තවත් පුපුරා නොගිය බෝම්බයක් හමුවේ. එහි බර රාත්තල් 1000 කට වැඩිය. දිගි අඩි පහක් පමණ වේ. මිට දින කිහිපයකට පෙර රාත්තල් 450 ක් බෝම්බයක් හමු වූ ස්ථානයට නුදුරින් මෙම බෝම්බය හමුවී තිබේ.
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය 8 වැනිදා
අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 08 වන දින පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ.
හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වූයේ පසුගිය 03 වැනි දිනය.
පළමු ටෙස්ට් තරඟය නිමාවට පත්වේ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරඟය නිමා වන විට බංග්ලාදේශය කඩුලු 5 ක් අතැතිව ලකුණු 81ක් ලබා ඉදිරියෙන් සිටියහ. බංග්ලාදේශ පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 513 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 713 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූයේ ලකුණු 200ක වාසියක් ද සහිතවය.
උතුරු කොරියාවේ ඉහළ නියෝජිත කණ්ඩායමක් දකුණු කොරියාවේ සංචාරයක
උතුරු කොරියාවේ උත්තරීතර ජනතා සභාවේ ස්ථාවර කමිටු සභාපති Kim Young-Nam ප්‍රමුඛ නියෝජිත පිරිස ලබන 9 වැනි දා සිට 11 වැනි දා දක්වා දකුණු කොරියාවේ සංචාරයක නිරත වේ. ඒ සඳහා නියෝජිතයින් 3 දෙනෙකු හා සහායකයන් 18 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුළත් ය. දකුණු කොරියාවේ PyeongChang හී පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාව සහභාගී කරවීම එහි ප්‍රධාන අරමුණය.
Sunday, February 4, 2018
මොහොමඩ් නෂීඩ් නිදහස්
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ අනෙකුත් විපක්ෂ නායකයන් අටදෙනෙකු වහාම නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරනය නියෝග කර තිබේ.
UPDATE 2018 - 2 - 6
ඉදිරි දින 15 ක කාලය තුළ රට පුරා හදිසි නීතිය පණවන බව, මාලදිවයිනන් රජය නිවේදනය කර තිබේ.
ලිබියානු මුහුදේ යාත්‍රාවක් අනතුරට - 90 ක් ජීවිතක්ෂයට
ලිබියාවට නුදුරින් වූ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 90 ක් පමණ මියගොස් තිබේ. බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් දිවි බේරා ගැනීමට හැකිව ඇත්තේ තිදෙනකුට පමණි. ඒ බව පවසන්නේ සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින්ය. බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් වැඩි පිරිසක් පකිස්ථාන ජාතිකයින් වූ බව පැවසේ.
UPDATE
UPDATE
මධ්‍යධරණී මුහුදේ පාවෙමින් තිබියදී මළ සිරුරු 20කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැනීමට මොරොක්කෝ මුදා ගැනීමේ සේවා කටයුතු කර කළ බව ස්පාඤ්ඤ බලධාරියෙක් සදහන් කර ඇත.
උදයංග වීරතුංග ඩුබායි හී දී අත් අඩංගුවට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ජාත්‍යන්තර පොලීසිය විසින්ය. ඔහු ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. පසුගිය කාලයේ සිදු වූ මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබේ.
රැඳවියන් 544 ක් නිදහස්
70 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති විශේෂ සමාව යටතේ රැඳවියන් 544 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති බවයි. අනුරාධපුර, කළුතර, මීගමුව, මහර, ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් පිරිසක් අද දිනයේ ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
අර්ජුන් හා කසුන් අත්අඩංගුවට
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන පුද්ගලයින් ප්‍රකාශයක් ලබා ගැනීමට සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
UPDATE
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අපේ 70 වැනි නිදහසයි
1505 වර්ෂයේදී පෘතුගීසින්ටද,1658 ලන්දේසි පාලනයටද නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදුවිය. එලෙස විදේශ ග්‍රහනවලට බොහෝ කලක් යටත් වීමෙන් සිටි ලාංකිකයන් ඉන් නිදහස ලබා අදට වසර 70 ක් සපිරේ. එවන් වූ දිනක අධිරාජ්‍යවාදීන්ගෙන් එවකට නිදහස ලබා ගත් ඒ ගමන් මඟ පිළිබඳව විමර්ශණයක යෙදීමට අප තීරණය කළා. මහා බ්‍රිතාන්‍ය තුන්වන ජෝර්ජ් රජු සමයේදී එනම් 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය.
70 වැනි අභිමානවත් නිදහස සැමරේ
මෙවර නිදහස් දින තේමාව වන්නේ ''එකම දැයක්’' යන්නය. අභිමානවත් 70 වැනි නිදහස් දිනය අද (4) පෙ.ව. 8.00 ට කොළඹ - ගාලු මුවදොර දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ප්‍රධාන ආරාධිතයා වශයෙන් උළෙලට එක්වන්නේ බ්‍රිතාන්‍ය එඩ්වඩ් කුමරු හා එම ආර්යාවය. මෙවර සැමරුම් උළෙලට සංස්කෘතිකාංග රුසක් ඇතුළත් වේ. දිස්ත්‍රික් මට්ටමින්ද විදෙස් රටවලද විවිධ සැමරුම් උත්සව පැවැත්වේ.
Saturday, February 3, 2018
බලන්න හැකියාව
ශරීරයේ සියළු බර සමබරව තම ඇඟිලි දෙකෙන් දරා සිටීමට හැකි ඔහු චීනයේ Guizhou පළාතේ Zunyi නගරයේ ජීවත් වන Yuan Tingjun ය. වයස අවුරුදු 51 කි. සටන් කලාවට ඉතා කැමැත්තක් දක්වන පුද්ගලයෙක් වන ඔහු සතු හැකියාව පුදුමාකාර ය.
සියලු සේවා නියුක්තිකයෙකුටම ඡන්දය දීමට නිවාඩුව ලබාදෙන්න - මැතිවරණ කොමිෂන් සභාව
සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියෙකුටම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එසේ ලබාදෙන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තිකයන් ද ඇතුළුව සියලුම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.
කැස්ත්රෝ ඩයස් බැලරට් මිය යයි
කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්රෝ ඩයස් බැලරට් හවානාහි දී මරණයට පත්ව ඇති බව වාර්තා වේ. “ෆෙඩලිටෝ” වශයෙන් ඔහු ජනප්‍රිය විය. මොහු සියදිවි හානි කරගෙන ඇති අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි. ෆිදෙල් කැස්ත්රෝ ගේ වැඩිමහල් පුත්‍රයා ඔහුය.
බැඳුම්කර නඩුවේ නියෝග
අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනම් කෙරේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් සැකකරුවන් ට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග 10ක් ලබා දුන්නාය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පැමිණීම පිළිබඳ ආගමන විගමන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන ලෙසත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට නියෝගයක් නිකුත් කර ඇත.
මෑත කාලයේ විප්ලවවාදී සිනමා නිර්මාණය “පද්මාවත්”
ඉන්දියාවේ පමණක් නොව ලොව රටවල් රැසක විශාල ආන්දෝලනයක් ඇති කළ ඉන්දීය සිනමා අධ්‍යක්ෂ “සංජේ ලීලා බන්සාලි” ගේ “පද්මාවත්” චිත්‍රපටය රූපගත කිරීමේ අවස්ථාවේ සිටම බාධක රැසකට මුහුණ දුන් නිර්මාණයක් වශයෙන් හැදින්විය හැකිය. නඩු පිට නඩු වැටීම නිසා තිරගත කිරීම කල්ගිය චිත්‍රපටය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත පසුගිය 25 වැනි දා සිට ඉන්දියාවේ සහ පකිස්ථානයේ ප්‍රදර්ශනය කිරීම ඇරඹිණ.
ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 187යි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187ක් රැස් කරගන්නට සමත් විය.
වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය කඩා වැටීමේ අවධානමක
හිරු නොබසින අධිරාජ්‍යයේ ලෝක ප්‍රසිද්ධ එරට පාර්ලිමේන්තු ගොඩණැගිල්ල වන වෙස්මිනිස්ටර් මන්දිරය 1840 දී ඉදිකර තිබේ. වික්ටෝරියානු සාම්ප්‍රාදායන්ට අනුව ඉදිකර ඇති මෙහි නිසි ප්‍රතිසංස්කරණ සිදු නොකිරීමෙන් මේ තත්ත්වය උදාවී ඇත.
ශ්‍රි ලංකන් ජනපති කොමිසමට සාමාජිකයින් පහක්
2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රි ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි සඳහන් වන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසම පත් කළේය. ඊට අදාල ගැසට් නිවේදනයට 02) වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර තිබේ.
Friday, February 2, 2018
“karst ලෙන”
මේ ඡායාරෑප දුටු පමණින් ඔබට සිතෙන්නේ, මෙය පරිගණක මෘදුකාංගයකින් නිර්මාණය කළ අපූර්ව සිතුවමක් ලෙස නේද?….. නමුත් මෙය සැබෑවකි. දකින්න ලැබෙන්නේ නිරිත දිග චීනයේ “Yunnan” පළාතේදීය. මේ “karst ලෙන” පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් සදහා විවෘත විය. චීනයේ නිරිත දිග ප්‍රදේශයේ සංචාරය කරන්නේ නම් මෙය නරඹන්න අමතක නොකරන්න.
නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්
70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000 ක වටිනාකමකින් යුත් සමරු නෝට්ටුවක් නිකුත් කර තිබේ. මෙය මහ බැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.
වැලිකඩ බන්ධනාගාර සිදුවීම හා නීතිමය තත්ත්වය
වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ සිදු කළ සොදිසි මෙහෙයුමක දී ඇති වු කලහකාරි සිද්ධියේ දී රැදවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විමර්ශන පැවැත්විමේ දී එදින රාත්‍රී කාලයේ දී සිවිල් ඇඳුමින් සැරසී පොලිස් මත්දව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජිව නිලධාරියා තවත් දෙදෙනෙකු සමඟ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් අතරින් පිරිසක් තොරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි රහස් පොලිසිය 30 වැනි දින කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා වෙත කරුණු ඉදිරිපත් කළේය.
ඉරාන ඉරාක තෙල් ගනුදෙනුවක්
ඉරානයට තෙල් අපනයනය කිරීමට තමන් කටයුතු කරන බව ඉරානයේ අසල්වැසියා වන ඉරාකය සදහන් කර සිටී. ඉරානය සහ ඉරාකය කලක් පස මිතුරු රටවල් විය. කෙසේ නමුත් අද වනවිට ඔවුන් අතර පවතින්නේ ශක්තිමත් මිතුදමකි. ඉරානය පමණක් නොව ඉරානය ද තෙල්ව වලින් සමන්විත රාජ්‍යයන්ය. ඉරාකය ඉරානයට විකිණීමට සැරැසෙන්නේ ඉරාකයේ කර්කුක් පළාතේ ඇති තෙල්ය.
හැරී කුමරුගේ හා මෙගල්ගේ විවාහයට දින නියම වේ
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ මංගල උත්සවය 2018 මැයි 19 වන දා පැවැත්වෙන බව බ්‍රිතාන්‍ය රජ මාළිගාව නිවේදනය කර සිටී.
ඡන්දය දීමට පෞද්ගලික සේවකයන්ට නිවාඩු
පෙබරවාරී 10 වෙනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවේ. සියළු සේවා යෝජකයින්ගෙන් මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් ද කර තිබේ.
මේ වසෙර් පළමු ටෙස්ට් තරගයේ උණුසුම
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187ක් රැස් කරගන්නට සමත් විය. එක් ලකුණක් රැස් කිරීමටත් පෙරාතුව පළමු කඩුල්ල ලෙස උඩ පන්දුවක් ලබාදීමෙන් දිමුත් කරුණාරත්න දැවී ගියේය.
ඉස්මයිල් හනීයා ත්‍රස්තවාදීන්ගේ නාම ලේණඛයට
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනීයා ත්‍රස්තවාදීන්ගේ නාම ලේණඛයට එක් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත. හමාස් සංවිධනය මේ සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව වාර්තාවේ. හනීයා හමාස් සංවිධානයේ ප්‍රධානියා ය. එමෙන්ම ඔහු දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ද වේ.
තැපැල් ඡන්ද භාවිත නොකළ පිරිසගෙන් මුදල් අයකර ගත යුතුයි - මැතිවරණ කොමසාරිස්
තැපැල් ඡන්දය සඳහා ඉල්ලු කර ඡන්දය භාවිත නොකළ පිරිසගෙන් නිදහසට කරුණු විමසන බවත් ඒ සඳහා වැය වූ මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටී. එක් තැපැල් ඡන්දයක් සඳහා රුපියල් 750 කට වැඩි මුදලක් වැය වී තිබේ.
රන් වියනේ ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
ශ්‍රී දළඳා මාළිගයේ රන් වියන ප්‍රතිසංස්කරණයට පියවර ගැනේ. ඒ සඳහා රුපියල් මිලියන 45 ක මුදලකි. වසර 20 කට පසුව සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහයෝගය ලබාදේ.
Thursday, February 1, 2018
දෙමළ ජනතාවට අනතුරක්
සිංහල ජනතාව උතුරේ පදිංචි කිරීම දෙමළ ජනතාවගේ අනාගතයට විශාල අනතුරක් බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත. මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී ඇති බවද දේවානන්ද මහතා පෙන්වා දී තිබේ.
6 වැනි ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ
ඉරානයේ, ටෙහෙරාන් නුවර දී අද ආරම්භ වූ 6 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියට මෙවර ලංකාව නියෝදනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකු සහභාගී වේ.
ත්‍රීරෝද රථ නියාමනය කඩිනම් කෙරේ
වෘත්තීය ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය හිමිකම තහවුරු කිරීම මෙම වැඩපිළිවලේ ඉදිරි අපේක්ෂාව වේ. ඒ අනුව ත්‍රීරෝද රථයක් තිබූ පමණින් වෘත්තීය ත්‍රීරෝද රථ හිමියෙක් විය නොහැකිය.
සහල් ආනයනය තාවකාලිකව අත්හිටු වේ
ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ ප්‍රමාණය ගෙන්වීම අත්හිටුවා තිබේ.
ලෝක යුද්ධ සමයේ දරුණු බෝම්බයක් හමුවේ
දෙවන ලෝක යුද්ධ කාලයට අයත් යැයි සැළකෙණ බෝම්බයක් හොංකෝං නගරයෙන් හමුවේ. මෙය ඉතා සාර්ථකව බෝම්බය නිෂ්ක්‍රීය කළ බව හොංකොං ආරක්ෂක අංශ සඳහන් කර ඇත. ඉදිකිරීම් සිදුකරන වැඩබිමකදී මෙය හමුවී තිබේ. බර කිලෝග්රෑම් 450 කි.
ගෝලීය ආර්ථිකය වර්ධනය වුවද රටවල් අතර පවතින අසමානතා ඉහළට - ලෝක බැංකුව
ලෝක බැංකුව තවත් වාර්තාවක් එළිදක්වති. එහි සඳහන් පරිදි ගෝලීය ප්‍රාග්ධනය වැඩි වී තිබුණ ද ලෝකයේ විවිධ අසමානත්වයන් කැපී පෙනෙන බව, සඳහන්ය. 1995 සහ 2014 වර්ෂයන් අතර වසර 20 ක් තුළ ගෝලීය වශයෙන් ජනතාව අතර බෙදී ගිය ප්‍රාග්ධන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1143 කි. එය සියයට 66 ක වර්ධනයක් වශයෙන් පෙන්වා දීමට හැකිය.
Subscribe to:
Posts (Atom)