තුර්කි ජනාධිපති තායිප් එර්දොගාන් රෝමයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවේ. තුර්කි ජනාධිපතිවරයෙකු මෙසේ රෝමයේ සංචාරයක නිරත වෙමින් පාප් වහන්සේ බැහැදැක ඇත්තේ, වසර 59 කට පසුවය. කෙසේ වෙතත් රෝමයේ ආරක්ෂාව ද තරකර ඇති බව පැවසේ.
එහිදී තුර්කි ජනාධපතිවරයා පාප් වහන්සේට දන්වා ඇත්තේ, තමන් මෙන්ම ලොව විවිධ රටවල් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට විරෝධය දක්වන බවය. එම අදහසට පාප් වහන්සේ ද එකඟව ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී.
මැද පෙරදිග සාමයට අමෙරිකාවෙන් සිදුකරන මැදිහත්වීම් සාධාරණ නොවන බව ද තුර්කි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.