Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය 8 වැනිදා

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 08 වන දින පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ. හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වූයේ පසුගිය 03 වැනි දිනය.


විහාරස්ථානයේ මියන්කුමාර නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී උන්වහන්සේ අනතුරට ලක්විය. පසුව උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. අනතුරුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවූ අතර එහිදී පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට පැය 10 ක පමණ ශල්‍යකර්මයක් සිදුකර තිබිණ. ඒ උන්වහන්සේගේ ඉල ඇට කිහිපයකට හා දකුණු උරහිසේ අස්ථිය බිඳී ගොස් තිබීම හේතුවෙනි.

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වන විට වසර 75 ක් ආයු වළදා තිබිණ.