Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

පළමු ටෙස්ට් තරඟය නිමාවට පත්වේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරඟය නිමා වන විට බංග්ලාදේශය කඩුලු 5 ක් අතැතිව ලකුණු 81ක් ලබා ඉදිරියෙන් සිටියහ. බංග්ලාදේශ පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 513 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 713 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූයේ ලකුණු 200ක වාසියක් ද සහිතවය.



එහෙත් තරගය නිමා වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 307ක් ලබා සිටියදී තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ. ඒ දෙපිලේහිම නායකයන්ගේ එකඟතාව මතය.
මොමිනුල් හක් පන්දු 174කට මුහුණ දෙමින් ලකුණු 105ක් රැස් කිරීමට සමත්වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ගෙන දුන් ලිටොන් දාස් ලකුණු 94ක් රැස් කළේය. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් දෙදෙනා එක්ව ලකුණු 180ක සම්බන්ධතාවක් ගොඩනැගීය. ඒ වනවිට නායක මහ්මුදුල්ලා නොදැවී ලකුණු 28ක් ද, මොසාඩික් හොසේන් නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියහ.
බංග්ලාදේශ පිලේ පළමු ඉනිමේදි ලකුණු 176ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 105ක් ද ලැබූ මොමිනුල් හක් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා ඩකා නුවරදි ඇරඹේ.