Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 3, 2018

ශ්‍රි ලංකන් ජනපති කොමිසමට සාමාජිකයින් පහක්

2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රි ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි සඳහන් වන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසම පත් කළේය. ඊට අදාල ගැසට් නිවේදනයට 02) වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර තිබේ.
මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න , අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර , මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ , විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇත්තනි හැරල්ඩ් , ශ්‍රි ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමික්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් ජනාධිපතුමන් විසින් පත් කරනු ලැබ ඇත.