Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

රටට අවශ්‍ය ඖෂධ සියයට 90 ක් නිෂ්පාදනය රට තුළම - අමාත්‍ය රාජිත

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් 90%ක් රට තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගැනේ. ලබන වසර අවසන් වීමට පෙර මෙය ක්‍රියාවට නංවන බව, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටී. පයාගල, මග්ගොන ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන සංකීර්ණයක ඉදිකිරීම් ආරම්භ කෙරිණ. එය මෙරට ඉදිකෙරෙන පිළිකා නාශක ඇතුළු ඖෂධ නිපදවීමේ පළමු මධ්‍යස්ථානය වේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. මේ සඳහා වැය වන මුදල රුපියල් බිලියනයකට අධිකය.