Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 3, 2018

වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය කඩා වැටීමේ අවධානමක

හිරු නොබසින අධිරාජ්‍යයේ ලෝක ප්‍රසිද්ධ එරට පාර්ලිමේන්තු ගොඩණැගිල්ල වන වෙස්මිනිස්ටර් මන්දිරය 1840 දී ඉදිකර තිබේ. වික්ටෝරියානු සාම්ප්‍රාදායන්ට අනුව ඉදිකර ඇති මෙහි නිසි ප්‍රතිසංස්කරණ සිදු නොකිරීමෙන් මේ තත්ත්වය උදාවී ඇත.

මන්දිරයේ වහළයට හානි සිදු වී තිබෙන බව සදහන්. විවිධ ස්ථාන වලින් විදුලිය කාන්දු වන බව ද පැවසේ. පාර්ලිමේන්තු මන්දිරය නැවත පිළිසකර කිරීම සඳහා පවුම් බිලියන 3.5 ක් වැය වන බව පැවසේ.

නමුත් මේ වන තෙක් ඒ සදහා අනුමැතිය ලැබී නොමැති බව සදහන්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සාම්ප්‍රධාය එක් දිනක් හෝ කඩ කිරීමට එරට සාමි මන්ත්‍රී මණ්ඩලය අකමැති නිසා මෙහි ප්‍රතිසංස්කරන සිදු නොකර සියලු රුස්වීම් මෙහිම පැවැත්වේ.