Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

මේ වසෙර් පළමු ටෙස්ට් තරගයේ උණුසුම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187ක් රැස් කරගන්නට සමත් විය. එක් ලකුණක් රැස් කිරීමටත් පෙරාතුව පළමු කඩුල්ල ලෙස උඩ පන්දුවක් ලබාදීමෙන් දිමුත් කරුණාරත්න දැවී ගියේය.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 513 ක් රැස්කර ගත්තේය. එහිදී බංගලාදේශය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mominul Haque ලකුණු 176 ක් රැස්කර ගත්තේ හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමඟින්. Mushfiqur Rahim ලකුණු 92 එක්රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරමින් රංගන හේරත් කඩුලු 03 ක් දවා ගත්තේය. සුරංග ලක්මාල් සහ සඳකැන් කඩුලු 02 බැගින් දවා ගැනීම ද විශේෂත්වයක්.