Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

අදින් සියලු ප්‍රචාරන කටයුතු අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරන වැඩසටහන් අද (7) මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණයෙන්ම තහනම් බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර තිබෙන සියලු පෝස්ටර්, කටවුට් ආදිය අද මධ්‍යම රාත්‍රියෙන් පසු ගලවා ඉවත් කළ යුතු අතර, පක්ෂ කාර්යාලවල පවා ඉන් අනතුරුව පැවැතිය හැක්කේ අදාළ පක්ෂයේ නම පමණක් බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සඳහන් කර සිටී.


පක්ෂ කාර්යාලවල ඡන්ද ලකුණ පවා වසා දැමිය යුතු වේ. ඊට අමතරව ගෙන් ගෙට ගොස් කරන ලද දැනුම්වත් කිරීම්, අත් පත්‍රිකා බෙදීම් ආදී කිසිවක් ද නොකළ යුතු අතර අද (7) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණයට අදාළ කිසිදු රුලියක් පැවැත්වීම ද තහනම් ය. ඒ අනුව අදින් (7) පසු 10 තෙක් අඳාළ කාල සීමාව නිහඬ කාලසීමාවක් වන අතර, එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට මැතිවරණ කොමිසම පොලීසියට සියලු උපදෙස් ලබාදී ඇත.

මැතිවරණ පැමිණිලි ඒකකයේ හා නිරීක්ෂණ සංවිධානවල පැමිණිලි දත්ත අනුව මැතිවරණ කෙමිසමේ පැමිණිලි ඒකකයට 6 වැනි දින වන විට මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳ පැමිණිලි 1281 ක් ලැබී ඇත. මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 84 ක් ද ලැබි තිබේ.

මැතිවරණයේදි ඡන්ද කාඩ් මුදලට ලබාගැනීම, විවිධ බිල් ගෙවීම් වැනි දේ පිළිබඳ අත් අඩංගුවට ගැනීම් දිගටම සිදුවෙන අතර මැතිවරණ නීති දැඩිව ආරක්ෂා කිරීමට පොලිසිය ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටී.