Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 1, 2018

ගෝලීය ආර්ථිකය වර්ධනය වුවද රටවල් අතර පවතින අසමානතා ඉහළට - ලෝක බැංකුව

ලෝක බැංකුව තවත් වාර්තාවක් එළිදක්වති. එහි සඳහන් පරිදි ගෝලීය ප්‍රාග්ධනය වැඩි වී තිබුණ ද ලෝකයේ විවිධ අසමානත්වයන් කැපී පෙනෙන බව, සඳහන්ය. 1995 සහ 2014 වර්ෂයන් අතර වසර 20 ක් තුළ ගෝලීය වශයෙන් ජනතාව අතර බෙදී ගිය ප්‍රාග්ධන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1143 කි. එය සියයට 66 ක වර්ධනයක් වශයෙන් පෙන්වා දීමට හැකිය.

මධ්‍යම ආදායම් ලබන රටවල් අධ්‍යපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා ඉහළ නංවා තිබිණ. බොහොමයක් රටවල් ඒ සඳහා භාවිත කළේ පෞද්ගලික ප්‍රාග්ධනයය. ඉහළ ආදායම් ලබන රටවල පෞද්ගලික ප්‍රාග්ධනය අවම ආදායම් ලබන රටවල එම ප්‍රමාණයට වඩා සියයට 52 කින් ඉහළ ගොස් ඇති බව, ලෝක බැංකුව පෙන්වා දේ.