Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 3, 2018

කැස්ත්රෝ ඩයස් බැලරට් මිය යයි

කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්රෝ ඩයස් බැලරට් හවානාහි දී මරණයට පත්ව ඇති බව වාර්තා වේ. “ෆෙඩලිටෝ” වශයෙන් ඔහු ජනප්‍රිය විය. මොහු සියදිවි හානි කරගෙන ඇති අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි. ෆිදෙල් කැස්ත්රෝ ගේ වැඩිමහල් පුත්‍රයා ඔහුය.
එමෙන්ම ඔහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර තිබේ. මියයන විට කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපති ලෙස ද සේවය කළේය.

1980 - 1992 කාලයේ කියුබානු ජාතික න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මොහු එරට න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කළේය.