Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

වැලිකඩ බන්ධනාගාර සිදුවීම හා නීතිමය තත්ත්වය

වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ සිදු කළ සොදිසි මෙහෙයුමක දී ඇති වු කලහකාරි සිද්ධියේ දී රැදවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විමර්ශන පැවැත්විමේ දී එදින රාත්‍රී කාලයේ දී සිවිල් ඇඳුමින් සැරසී පොලිස් මත්දව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජිව නිලධාරියා තවත් දෙදෙනෙකු සමඟ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් අතරින් පිරිසක් තොරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි රහස් පොලිසිය 30 වැනි දින කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා වෙත කරුණු ඉදිරිපත් කළේය.
මෙලෙස අනෙක් රැදවියන්ගෙන් වෙන් කර රැගෙන ගොස් රැදවියන් අටදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවත්, එය දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්ති අනුව සිදු කැර ඇති වරදක් බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වා ඇත.

වැලිකඩ බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් සතු මත්දව්‍ය, ජංගම දුරකථන හා වෙනත් නීති විරෝධි භාණ්ඩ අත්අඩංගුවට ගැනිම සදහා 2012/11/09 දින විශේෂ කාර්ය බලකාය, බන්ධනාගාර බුද්ධි නිලධාරින් හා බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර දි ඊට විරුද්ධව රැදවියන් කලහකාරි ලෙස හැසිරෙමින් දෛනික අවි නිකුත් කරන ගබඩාව කඩා දමා, ගිනි අවි රැගෙන විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තබමින් වැලිකඩ බන්ධනාගාර පාලනය රැදවියන් සියතට ගැනීමෙන් ඇති වු තත්ත්වය පාලනය කිරිම සදහා ක්‍රියාත්මක මෙහෙයුම රැදවියන් ඝාතනයට ලක්විම සම්බන්ධයෙන් පොලිස් පතිවරයාගේ නියෝගය පරිදි 2017/7/18 වන දින රහස් පොලිසිය විමර්ශන ආරම්භ කෙරිණ.

ඊට අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නඩු භාණ්ඩ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවිමට රස පරික්ෂක වෙත නියෝග කෙළේය.