Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

සිව්වෙනි වරටත් ඉන්දියාවට යොවුන් ලෝක කුසලානය

අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ සිවුවැනි වරටත් දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වුහ. මේ සමග යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ වැඩිම වාර ගණනක් දිනාගත් රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක්විය. නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 8ක පරාජයක් විද ගැනීමට ඔස්ට්‍රේලියාවට සිදුවිය.

19න් පහළ ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ඉන්දියාව හමුවේ ඔස්ට්‍රේලියාව පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර 2012 වසරේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාවට හැකිවිය.