Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 6, 2018

පේදුරුතුඩුව - කන්කසන්තුරය මාර්ගය විවෘත කෙරේ

පේදුරුතුඩුව - කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය යළි විවෘත කෙරේ. මෙම මාර්ගය වසර 28 ක් වසා දමා තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග අනුව මාර්ගය යළි විවෘත කරනු ලැබීය. 1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් වශයෙන් සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දමා තිබිණ.


මාර්ගය වසා දැමූ නිසා මෙහි ජනතාවට කන්කසන්තුරය දක්වා ගමන් කිරීමට කිලෝමීටර 22 කට අධික ගෙවා යාමට සිදු විය. දැන් පේදුරුතුඩුව ජනතාවට කිලෝමීටර 3.5 පමණ දුරක් ගෙවා ඉක්මණින් කන්කසන්තුරේ නගරයට ගමන් කළ හැකිවේ.