Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 5, 2018

මැති ඇමති වරුන්ගේ වැටුප වැඩි කරන්නේ නැහැ - ජනාධිපති

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

න්‍යෂ්ටික මිසයිල වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක බවට චෝදනා

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන දිගටම කරගෙන යන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය චෝදනා කරයි.

සකර්බර් ගේ ආරක්ෂණ ගාස්තු ඉහළට

2017 වර්ෂයේ සිට ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර් ගේ පුද්ගල ආරක්ෂණ ගාස්තු ලෙස පැවති ඇමරිකානු ඩොලර් මිලියන 7.33ක මුදල තවත් ඇ.ඩො මිලියන 10කින් වැඩි කිරීමට නියමිත බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

Saturday, August 4, 2018

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන් යළිත් වරක් ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ලිපියක් එවා ඇති බව ධවල මන්දිරය වාර්තා කළේය.

මක්කම වන්දනාකරුවන්ට විශේෂ මෘදුකාංගයක් හදුන්වා දේ

මක්කම නුවර වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට භාවිතා කිරීමට හැකි වන පරිදි මෘදුකාංගයක් හඳුන්වාදීමට සෞදි සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

විදෙස් සංචිත ඉහළ යයි

ජූලි මස අවසානය වන විට රටේ දළ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පස් කන්ටේනර් තුළින් රන් පිටරට යවන ජාවාරමක් හෙළිවේ

රුපියල් කෝටි ගණන් වටිනා රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත්වේ.

ක්ෂූද්‍ර මූල්‍ය ආයතන නියාමනයට ආයතනයක්

ක්ෂූද්‍ර මූල්‍ය ආයතන රටපුරා බිහිවනුයේ අවිධිමත් ණය වෙළෙඳ පොළක් තුළින් තම ප්‍රාග්ධන අවශ්‍යතා ඉටුකර ගන්නට කටයුතු කරන ගම්බද දුප්පත් ගනුදෙනුකරුවෝ ඉලක්ක කර ගනිමින් බව මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දේ.

විශේෂ මෙහෙයුමකින් 3325ක් අත්අඩංගුවට

සිදුකල විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සිදුකළ පුද්ගලයින් 3325 දෙනෙකු අත්අඩංගුවට පොලීසිය සමත්වේ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහයුම ක්‍රියාත්මක කෙරිණ.

ඉදිරියේදී අංශ හත­කින් ආර්ථි­ක සැල­සුම් ක්‍රියාත්මක කෙරේ

ලංකාවේ ආර්ථිකයේ හැඳිනගත් ප්‍රධාන අංශ හතක් ඔස්සේ දියුණු කිරීමට අවශ්‍ය 2018 – 2020 රාජ්‍ය ආයෝජන සැලැස්ම හා ඇස්තමේන්තු ගත මුදල් පිළිබඳ වාර්තාව මහා භාණ්ඩාගාරය විසින් එළි දක්වයි.

අයි. එස් සටන්කාමීන් කාන්තාවන් සහ ළමුන් 30ක් ප්‍රාණ ඇපයට ගනී

අයි. එස් සටන්කාමීන් විසින් සිරියාවේ නිරිතදිග ප්‍රදේශය තුළ කාන්තාවන් සහ ළමයින් 30 දෙනකු රඳවාගෙන සිටින බව නිරීක්ෂකයන් හා දේශීය මාධ්‍ය අනාවරණය කරයි.

ඕස්ට්‍රේලියාවේ නගරයක් ඩෙංගු මදුරුවන්ගෙන් මුදා ගැනේ

ඕස්ට්‍රේලියාවේ ටවුන්විල් නගරය වසර 4 ක් පුරා ඩෙංගු මදුරුවන්ගෙන් මුක්ත කලාපයක් ලෙස පවත්වාගැනීමට එරට පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇති පුවතක් වාර්තා වේ.

මන්නාරම සමූහ මිනීවලෙන් අස්ථි කොටස් 62 ක් හමුවේ

මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් අස්ථි කොටස් 62 ක් මේ වනවිට සොයාගෙන තිබේ.

කොළඹ කොටස් වෙළඳපල ඉහළට

කොළඹ කොටස් වෙළඳපලේ මිල දර්ශක 2 වැනි දින සිට ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 6136 යි දශම 3 යි 5 ක් ලෙස සටහන්වී තිබේ.

කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

යුරෝපය උණුසුම් වේ

යුරෝපයේ මේ දිනවල පවතින අධික උණුසුම තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මැලේසියාවේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් හමුවේ.

ලාඕසයෙන් ලංකාවට වීසා සහනයක්

ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර ලාභීන්ට ලාඕස ජනරජයට පැමිණී මෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ

සිම්බාබ්වේ පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ජනාධිපති එමර්සන් මනන්ග්වා නම් කර තිබේ.

මරණ දඬුවම පිළිගත නොහැකි බව පාප් වහන්සේ පවසයි

මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලියේ ඉගැන්වීම්වල වෙනසක් සිදුකරමින් සියලූම ආකාරයේ මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරයි.

ඇපල් සමාගම ලොව පළමු ඩොලර් ට්‍රිලියන සමාගම බවට පත්වේ

එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයේ වෙළෙඳ අගය පසු කර ගිය පෞද්ගලික අංශයේ ලොව ප්‍රථම සමාගම බවට ඇපල් සමාගම පත්වී තිබේ.

බොස්නියාවේ ජලවිදුලි බලාගාරයක ගෑස් කාන්දුවක්

බොස්නියාවේ වයඹ දිග බිහැක් නගරයේ ජලවිදුලි බලාගාරයක සිදුවූ ගෑස් කාන්දුවකින් තිදෙනකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලබයි.

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම 11 වැනි දින

මහ මැතිවරණයෙන් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූ ඉම්රාන් ඛාන් ධූරයේ දිවුරුම් දීම මෙම මස 11 වැනි දින සිදුවන බවත් ඊට කිසිදු විදෙස් නායකයකුට ආරාධනා කර නැති බවත් පී.ටි.අයි පක්ෂය සඳහන් කරයි.

Thursday, August 2, 2018

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි පාලනයට ගිනි නිවන භටයෝ 12,000ක්

කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව් ගිනි තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන භටයන් 12,000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.

දුම්වැටි බද්ද නගී

දුම්වැටියක් සඳහා අය කරනු ලබන බදු මුදල රුපියල් 3.80 කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

තේ අපනයනයෙන් රු.බිලියන 113.9 ක ආදායමක්

මේ වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 113.9 ක් ඉපයීමට සමත්වේ.

ඡන්ද නාමලේඛනයට අභියාචනා ගොනු කිරීම අගෝස්තු 10 සිට

2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය සදහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම අගෝස්තු මස 10 වන දින සිට සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමයයි

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අගෝස්තු 04දා ඇරඹේ. ඒ සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

Wednesday, August 1, 2018

දරුවන් අපයෝජනයට ලක්කරන්නන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ පනතක් සම්මතයි

වයස අවුරුදු 12ට අඩු වයසේ පසුවන දරුවන් අපයෝජනයට ලක්කරන්නන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබේ.

හයිබ්‍රිඩ් වාහන බද්ද ලක්ෂ 12 කින් ඉහළ යයි

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද (1) සිට  ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් 85 දෙනෙකුට තුවාල

මෙක්සිකෝවේ සිදු වු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා ඇත.

අමෙරිකානු මැතිවරණයට බලපෑම් එල්ල කළ ෆේස්බුක් පිටු සහ ගිණුම් 32ක් අවලංගු කෙරේ

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණයට බලපෑම් කරනු ඇති බවට සැක කෙරෙන ෆේස්බුක් පිටු සහ ෆේස්බුක් ගිණුම් 32ක් ඉවත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමට රුසියාව සහ ජපානය අතර එකඟතාවක්

රුසියාව සහ ජපානය අතර පුළුල් ආරක්ෂක සහයෝගීතා වැඩපිළිවෙළක් ඇ‍රබේ. රුසියානු විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් සහ ජපාන නියෝජිතයන් අතර හමුවක් සිදු වූ අවස්ථාවේ මෙම එකඟතාවට පිවිසී බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසීය.

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාර මාලාවක් - 24 වැඩි පිරිසක් මිය යයි

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 8 කු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබයි.

චීන මහජන විමුක්ති හමුදාවේ 91 වැනි සංවත්සරය සැමරේ

චීන මහජන විමුක්ති හමුදාවේ 91 වැනි සංවත්සරය පිළිගැනීමේ උත්සවයක් බෙයිජිං නුවරදී පැවැත්විණ.

පොළොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනපති අතින් ජනතා අයිතියට

“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කෙරේ.

ඉන්දූනීසියාවෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක්

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අගෝස්තු මස 18 වැනිදා පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට පැමිණෙන්නැයි ඉන්දුනීසියාව උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ආරාධනා කර ඇත. 

අවේනික මත්ස්‍ය විශේෂ 12 ක් සංරක්ෂණයට පියවර

ශ්‍රී ලංකාවට ආවේනික එහෙත් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හදුනාගෙන එම මත්ස්‍ය විශේෂ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇත.

උතුරු කොරියාවෙන් තවත් බැලැස්ටික් මිසයිලයක්

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් නිපදවමින් සිටින බව අමෙරිකාව පවසයි.

MH370 ගුවන් යානා අභිරහස ගැන වාර්තාවක්

වසර 4 පමණ පෙර අතුරුදන්වූ MH370 ගුවන්යානය සොයා මෙහෙයුම් සිදු කළ කණ්ඩායම විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ලැව් ගින්නෙන් අක්කර තිස්දහසක් විනාශ වේ

අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්න මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් පවති.

දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර යුධ සාකච්ඡාවක්

දකුණු කොරියාව හා උතුරු කොරියාව සාමාන්‍ය මට්ටමේ යුධ සාකච්ඡා ආරම්භ කෙරේ.

“ග්ලෝබල් ඩේටා” සංචාරක දර්ශකයේ 5 වැනි තැන ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක කර්මාන්තය සීග්‍රයෙන් වර්ධනය වන රටවල් 05 අතරට ඇතුළත් කර තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය දිවයිනට‍

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිල සංචාරයක් සඳහා 01 වැනි දින දිවයිනට පැමිණේ. සිව්දින නිල සංචාරයක් සඳහා ඇය දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ට්‍රම්ප් ඉරාන ජනපති හමුවීමට සැරසේ

කොන්දේසි විරහිතව ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෝදි හා ඉම්රාන් ඛාන් අතර දුරකථන සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉම්රාන් ඛාන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත ව ඇත. එහිදී කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳවයි මූලික අවධානය යොමු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වැටුප් ගෙවිම් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සිම්බාබ්වේ නිදහස් ඡන්දය ජය සති අන්තයේදී

සිම්බාබ්වේහි හිටපු ජනාධිපතිවරයකු වූ රොබට් මුබාගේ ගේ වසර 37 ඒකාධිපති පාලනයෙන් අනතුරුව පැවැත්වෙන පළමු  නිදහස් හා සාමකාමී මහ මැතිවරණය පසුගියදා පැවැත්විණ.

දුම්රිය සේවකයන්ට 320ක වැටුප් වැඩිවීමක්

ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් විසින් දිගින් දිගටම ඉල්ලා සිටි රුපියල් 320 ක වැටුප් වැඩිවීම සඳහා කැබිනට් මණ්ඩලය 31වැනි දින එකඟතාව පළකර ඇත.

ඖෂධ 25ක මිල පහළට

මහාචාර්ය සේනක බිබි‍ලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක මිල අඩු කරන බව සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.