Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

MH370 ගුවන් යානා අභිරහස ගැන වාර්තාවක්

වසර 4 පමණ පෙර අතුරුදන්වූ MH370 ගුවන්යානය සොයා මෙහෙයුම් සිදු කළ කණ්ඩායම විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් යානය අතුරුදන් වීමට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එම වාර්තාවේ දැක්වේ. මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිට චීනයේ බීජිං නගරය බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානය මගීන් 239 දෙනාද සමඟින් අතුරුදන් වූයේ 2014 වර්ෂයේ මාර්තු 8 වන දිනයි. යානය සොයා සිදු කළ මෙහෙයුම් වලට රටවල් අටක් දායක විය.

එහිදී යානයේ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් පමණක් සොයා ගැනීමට මෙහෙයුමේ නිරත කණ්ඩායම් සමත්වුණේ යානය අතුරුදන්වීම පිළිබඳ අභිරහස ලොවට ඉතිරි කරමිනි. මේ වසරේ මුල් භාගයේදී එම සෝදිසි මෙහෙයුම් අවසන් කිරීමට මැලේසියානු රජය ඇතුළු ඊට සම්බන්ධ සියළු පාර්ශවයන් කටයුතු කළේය. ලොව දරුණුම ගුවන් යානා අභිරහස ලෙස සැලකෙන මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් එය සොයා සෝදිසි මෙහෙයුම් සිදුකළ කණ්ඩායම් ඒකාබද්ධ වාර්තාවක් ඉදිරිපත් කරයි.

ඉන්දියන් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබියදී යානය නියමිත මාර්ගයෙන් ඉවතට ගමන් කර ඇති බවද එම වාර්තාවේ සඳහන්වේ. එමෙන්ම යානයේ අතුරුදන්වීමට තෙවන පාර්ශවයක් සම්බන්ධ බවට ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.