Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමට රුසියාව සහ ජපානය අතර එකඟතාවක්

රුසියාව සහ ජපානය අතර පුළුල් ආරක්ෂක සහයෝගීතා වැඩපිළිවෙළක් ඇ‍රබේ. රුසියානු විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් සහ ජපාන නියෝජිතයන් අතර හමුවක් සිදු වූ අවස්ථාවේ මෙම එකඟතාවට පිවිසී බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසීය.

දෙපාර්ශවය අතර තුන්වන වරට පැවැත්වූ ද්වීපාර්ශවීය සාකච්ඡා වලින් පසු මෙම එකගතාවන්ට පැමිණි බව රුසියානු විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කර තිබේ. ප්‍රායෝගිකව සහයෝගීතා පුළුල් කිරීමට දෙපාර්ශවයම එකඟත්වය පලකර ඇත.

සමසතයක් ලෙස ආසියා පැසිෆික් කලාපය තුළ ආරක්ෂාව පවත්වාගෙන යාමට ඇති දුෂ්කරතාව පිළිබඳව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා මෙහිදි කරුණු හෙළිදරව් කළේය. ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමට සිදුවීම, ජාත්‍යන්‍තර තොරතුරු ආරක්ෂා කිරීම, දූෂණය පිටු දැකීම යන කරුණු ඉන් කීපයකි. කොරියානු අර්ධද්වීපයේ ධනාත්මක වර්ධනය දෙරට විසින් පිළිගත් අතර සාමය පවත්වාගෙන යාම සදහා නම්‍යශීලිව කටයුතු කරන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටි ලැව්රොව් මහතා රුසියාව සහ ජපානය උතුරු නැගෙනහිර ආසියාවේ පිහිටි සියලු රාජ්‍යයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඒ සඳහා විසදුම් ලබා දීමට සහතික වන බවද පැවසීය.