Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

අයි. එස් සටන්කාමීන් කාන්තාවන් සහ ළමුන් 30ක් ප්‍රාණ ඇපයට ගනී

අයි. එස් සටන්කාමීන් විසින් සිරියාවේ නිරිතදිග ප්‍රදේශය තුළ කාන්තාවන් සහ ළමයින් 30 දෙනකු රඳවාගෙන සිටින බව නිරීක්ෂකයන් හා දේශීය මාධ්‍ය අනාවරණය කරයි.

පසුගිය සතියේ සුවෙයිඩා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික අයි.එස් ප්‍රහාරයක් හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔවුහු විශ්වාස කරති. සිරියානු රජය කලාප රැසක් පාලනය කරන අතර එහි කුඩා ප්‍රදේශයක් සටන්කාමීන්ගේ පාල‍නයේ ද පවතී. රජයේ හමුදා විසින් මෑතකදී කැරලිකාර සහ ජිහාඩ්වාදීන් විසින් අල්ලා ගනු ලැබූ ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළේය.

ජූලි 25 වැනි දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිරීක්ෂණය කරමින් මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂකයන් පවසන්නේ එහිදී 200කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි. කාන්තාවන් සහ ළමයින් 36 දෙනකු අයි. එස් සටන්කාමීන් විසින් රඳවා ගත් බව පවසන එම සංවිධානය ඒ අතරින් කිහිප දෙනෙකු බේරී පැන ගොස් ඇති බවත් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අනාවරණය වේ. කෙසේ වුවත් අයි. එස් සංවිධානය මෙතෙක් පැහැර ගැනීම් පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නැත.