Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

පොළොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනපති අතින් ජනතා අයිතියට

“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කෙරේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එය අගෝස්තු 1, 2, 3 යන දිනවල දී ක්‍රියාත්මක කෙරේ. ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු 2015 වසරේ දී ආරම්භ කළ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 6000කි.

විවෘත වන නව ව්‍යාපෘති 180 සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 2144ක් වේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් 85 ක භෞතික සම්පත් සම්පූර්ණ කිරීමට ක්‍රියාත්මක ව්‍යාපෘති 110 ක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665කි. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජනතාවක් උදෙසා දිස්ත්‍රික්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන්විතයෙහි තවත් එක් අදියරක් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 890ක් වැය කරමින් ඉදි කර ඇති ව්‍යාපෘති 15ක් ද මේ යටතේ ජනතා අයිතියට පැවරේ.