Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

විශේෂ මෙහෙයුමකින් 3325ක් අත්අඩංගුවට

සිදුකල විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සිදුකළ පුද්ගලයින් 3325 දෙනෙකු අත්අඩංගුවට පොලීසිය සමත්වේ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහයුම ක්‍රියාත්මක කෙරිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ නිලධාරීන් 16,422ගේ සහභාගිත්වයෙන් රථ වාහන නඩු 5808ක් ද ලබාගත් බවයි.

විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 938 ක් හා හෙරොයින් ඇතුලු නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 812 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 84 ක් සහ ගිනි අවි සමග පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ද සදහන්වේ.