Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

උතුරු කොරියාවෙන් තවත් බැලැස්ටික් මිසයිලයක්

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් නිපදවමින් සිටින බව අමෙරිකාව පවසයි.

ඔත්තු බැලීමට යොදවා ඇති චන්ද්‍රිකා යානයකින් මේ බව හෙළිදරව් වී ඇතැ බව සඳහන් වේ. නම හෙළිදරව් නොකල අමෙරිකානු උසස් නිලධාරියෙකු මේ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී අනාවරණ කර ඇති බව වාර්තා වන්නේය.

ම හෙළිදරව්ව සිදුවීමත් විශේෂත්වයක්. පසුගිය ජුනි මාසයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී යළිත් න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු නොකරන බවට උතුරු කොරියානු නායකයා එකඟත්වයකටද පැමිණ තිබිණි.