Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

කොළඹ කොටස් වෙළඳපල ඉහළට

කොළඹ කොටස් වෙළඳපලේ මිල දර්ශක 2 වැනි දින සිට ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 6136 යි දශම 3 යි 5 ක් ලෙස සටහන්වී තිබේ.

පසුගිය සඳුදා දිනයේ කොටස් වෙළඳපල මිල ගණන් සති තුනකින් අවම අගයන් පෙන්නුම් කළේය. මෙලෙස මිල අඩු වූ මහා පරිමාණ සමාගම් කොටස් ආයෝජකයන් විසින් වැඩි වශයෙන් මිලදී ගැනීම 02 දිනයේ කොටස් වෙළඳපල වර්ධනයට හේතුවිය. මේ දක්වා කොළඹ කොටස් වෙළඳපල සියයට 3.7 කින් පහත වැටී තිබේ.