Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

යුරෝපය උණුසුම් වේ

යුරෝපයේ මේ දිනවල පවතින අධික උණුසුම තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි.

ඒ අනුව, උණුසුම පිළිබඳව යුරෝපයේ මෙතෙක් පැවති වාර්තා බිඳ වැටෙනු ඇති බව ඇතමුන්ගේ අදහසයි. යුරෝපයෙන් මෙතෙක් සටහන් වූ ඉහළම උෂ්ණත්වය එනම් සෙන්ට්‍රිගේඩ් අංශක 48 ක උෂ්ණත්වයක් 1977 වසරේදී ග්‍රීසියේ - ඇතෑන්ස් නුවරින් වාර්තා විය.

අප්‍රිකානු මහාද්වීපයේ සිට හමන උණුසුම් වා රැළි හේතුවෙන් ගිනිකොණ දිග ස්පාඤ්ඤය සහ දකුණු හා ගිණිකොණ පෘතුගාලයේ උෂ්ණත්වය අද සහ හෙට සෙන්ට්‍රිගේඩ් අංශක 47 ඉක්මවනු ඇති බවට අණාවැකි පළවිය. බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ද මේ වනවිට සෙන්ට්‍රිගේඩ් අංශක 33 ට ළඟාවී තිබේ. දැඩි උණුසුම හේතුවෙන් ජීවිත අවදානමක් පවතින නිසා යුරෝපා රටවල සෞඛ්‍ය අංශ එරට ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.