Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම 11 වැනි දින

මහ මැතිවරණයෙන් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූ ඉම්රාන් ඛාන් ධූරයේ දිවුරුම් දීම මෙම මස 11 වැනි දින සිදුවන බවත් ඊට කිසිදු විදෙස් නායකයකුට ආරාධනා කර නැති බවත් පී.ටි.අයි පක්ෂය සඳහන් කරයි.

වසර 1992 දී ලෝක කුසලානය දිනූ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන ඉම්රාන් ඛාන් 1996 වසරේදී දේශපාලනයට එක්විය. පාකිස්තාන මහ මැතිවරණය ජූලි 25 වැනිදා පැවැති අතර එහිදි පාර්ලිමේන්තු ආසන 116ක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය බවට පත්වීම ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පී.ටි.අයි පක්ෂය සමත්විය.

කෙසේ නමුත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 137 දිනාගැනීමට නොහැකි වූ පී.ටි.අයි පක්ෂයට සන්ධානගත ගතවීමට සිදුවිය. තම දිවුරුම් දීමේ උත්සවයට ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ‘සාර්ක්’ සංවිධානයේ සාමාජික රටවල නායකයන්ට ආරාධනා කරනු ඇතැයි වාර්තා වේ.