Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 5, 2018

මැති ඇමති වරුන්ගේ වැටුප වැඩි කරන්නේ නැහැ - ජනාධිපති

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ පොලොන්නරුව නගරයේ ඉදිකල නව වෙළද සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා මන්ත්‍රී වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විට කිසිදු හේතුවක් නිසා එය අනුමත නොකරන බවද සදහන් කර තිබේ.

ජනාධිපති වරයාගේ වැටුප මිලියන ගණනක් විය හැකි යැයි ඇතැමුන් සිතන්නට පුලුවන්. නමුත් දීමනා කිසිවක් නැතිව තමන්ට ලැබෙන්නේ මසකට රුපියල් අනූ පන්දාහක වැටුපක් බවද ජනාධිපති වරයා මෙහිදී කීවේය.