Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

මරණ දඬුවම පිළිගත නොහැකි බව පාප් වහන්සේ පවසයි

මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලියේ ඉගැන්වීම්වල වෙනසක් සිදුකරමින් සියලූම ආකාරයේ මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරයි.

ඇතැම් අවස්ථාවන් සඳහා මරණ දඬුවම යොදාගත හැකි බවට මීට පෙර දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ සමයේදී ප්‍රකාශ කර තිබිණ. මරණ දඬුවම පිළිබඳව කතෝලික පල්ලියේ මතය නූතන යුගයේ ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි සැකසිය යුතු බවට ද පසුගිය ඔක්තෝම්බර් මාසයේ අදහස් කෙරිණ.