Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

“ග්ලෝබල් ඩේටා” සංචාරක දර්ශකයේ 5 වැනි තැන ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක කර්මාන්තය සීග්‍රයෙන් වර්ධනය වන රටවල් 05 අතරට ඇතුළත් කර තිබේ.

“ග්ලෝබල් ඩේටා” සංචාරක දර්ශකය මගින් එම ලැයිස්තුගත කිරීම සිදුකර ඇත්තේ 2017 වසරේ සිට 2021 දක්වා කාලය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව අයිස්ලන්තය, ජපානය, හංගේරියාව, ශ්‍රී ලංකාව සහ චිලී රාජ්‍යය මෙලෙස සීග්‍රතම වර්ධනයක් ලබන සංචාරක වෙළඳපළ 5 ලෙස නම් කර තිබේ. සංචාරක කර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය සියයට 8.7ක් වන ශ්‍රී ලංකාව තරු හතරේ සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇත.