Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

විදෙස් සංචිත ඉහළ යයි

ජූලි මස අවසානය වන විට රටේ දළ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව ප්‍රකාශ කර ඇත. 2017 වසර අවසානයේ රටේ දළ නිල සංචිතය ඩොලර් බිලියන 8.0 ක්ව පැවැතිණ.

ඉදිරියේදී විදේශ සංචිතය ඉහළ යෑමට චීන සංවර්ධන බැංකුව මගින් ලබාගන්නා ඩොලර් බිලියන 1.5ක මුදල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පස්වැනි අදියරේ මුදල් ලැබීම,  විදේශ ආයෝජන ගලා ඒම සහ ඩොලර් බිලියන 1ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කිරීම මූලික වශයෙන් හේතුවන බව ඔහු කියා සිටියේය. වසර 2018 නිමාවන විට සංචිතය ඩොලර් බිලියන නවය දක්වා ඉහළ යනු ඇතැයි අධිපතිවරයා අනාවැකි පළ ක‍ෙළ්ය.