Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 5, 2018

සකර්බර් ගේ ආරක්ෂණ ගාස්තු ඉහළට

2017 වර්ෂයේ සිට ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර් ගේ පුද්ගල ආරක්ෂණ ගාස්තු ලෙස පැවති ඇමරිකානු ඩොලර් මිලියන 7.33ක මුදල තවත් ඇ.ඩො මිලියන 10කින් වැඩි කිරීමට නියමිත බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

ලෝකයේ සය වැනි ධනවතා වන මාර්ක් සකර්බර්ග් ගේ මුලූ වත්කම් ප්‍රමාණය ඇ ඩො බිලියන 68.6කට අධිකය. ඒ අනුව මෙම ප්‍රතිපාදන හරහා නිවසේ අභ්‍යන්තර හා බාහිර ආරක්ෂාව, ආරක්ෂණ කණ්ඩායම් වල ප්‍රමාණය, භාණ්ඩ ආරක්ෂණය, පද්ධති ආරක්ෂණය වැනි අංශයන් ගේ ආරක්ෂණය තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂිතය. ලොව බලපෑම් සහගත පුද්ගලයන්ගෙන් බලවත්ම පුද්ගලයෙක් වන මොහු ගේ ආරක්ෂාව ඉතා වැදගත් නිසා මෙම තීරණය ගෙන තිබේ.