Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

වැටුප් ගෙවිම් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේකය මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර ඉට පටහැනිව කටයුතු කරනු ලබන ආයතනයන්හි ප්‍රධානියා විසින් එහි වගකීම දැරිය යුතුයි. පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල එවැනි සේවක පිරිස් සිටිනම් ඔවුන් පිළිබඳ සළකා බැලීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු, කළමනාකරණසේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතු බව ද චක්‍රලේකයේ වැඩිදුරටත් සඳහන් වේ.