Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

අවේනික මත්ස්‍ය විශේෂ 12 ක් සංරක්ෂණයට පියවර

ශ්‍රී ලංකාවට ආවේනික එහෙත් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හදුනාගෙන එම මත්ස්‍ය විශේෂ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව මෙම වඳවීමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හදුනාගැනීම සහ එම මත්ස්‍යයින් රැකගැනීම වෙනුවෙන් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩපිළිවෙල යටතේ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය ජාන සංරක්‍ෂණ සහ අභිජනන ක්‍රියාවලිය  ආරම්භ කර ඇත. ලංකාවේ විවිධ පළාත් ආශ්‍රිතව සිදුකරන ලද සමීක්‍ෂණ අනුව වඳවියාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවට අවේනික මත්ස්‍ය විශේෂ 12 ක් සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර අවසන්ය.