Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

චීන මහජන විමුක්ති හමුදාවේ 91 වැනි සංවත්සරය සැමරේ

චීන මහජන විමුක්ති හමුදාවේ 91 වැනි සංවත්සරය පිළිගැනීමේ උත්සවයක් බෙයිජිං නුවරදී පැවැත්විණ.

චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය එම උත්සවය සංවිධානය කළේ 01 වැනි දින යෙදෙන චීන මහජන විමුක්ති හමුදාවේ 91 වැනි සංවත්සරය වෙනුවෙනි. එහිදී චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ‍වෙයි ෆන්ග්හ මහතා විසින් ත්‍රිවිධ හමුදාව, ‍පොලීසිය, යුධ විරුවන්, හමුදාවේ කෘතහස්ත හා අතිරේක භටපිරිස් වෙත සුභපැතුම් පිරිනැමීය.

ඔහු එහිදී පැවසුවේ චීනය සාමකාමී සංවර්ධන මාව‍තේ ස්ථීර ලෙස නියැලී සිටින බවයි. ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යමින් අනෙකුත් රටවල් සමඟ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමේ කාර්යේ චීනය නියැලී සිටින බව ද හෙතෙම පැවසීය.