Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

හයිබ්‍රිඩ් වාහන බද්ද ලක්ෂ 12 කින් ඉහළ යයි

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද (1) සිට  ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එන්ජින් ධාරිතාවය 1000 වඩා අඩු වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.5 ක් ද හයිබ්‍රිඩ් සහ විදුලි වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.25 ක් ලෙස ද සංශෝධනය කර තිබේ. 2018 අගෝස්තු 1 දිනට පෙර විවෘත කරන ලද ණයලිපි සඳහා මෙම බදු සංශෝධන වෙනස් නොවන අතර 2019 ජනවාරි 31 දිනට පෙර ඉවත් කරන ලද වාහන සඳහා මෙම බදු අදාළ නොවේ.