Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාර මාලාවක් - 24 වැඩි පිරිසක් මිය යයි

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 8 කු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබයි.

ප්‍රහාරය සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ බටහිර පළතේ Bala Buluk දිස්ත්‍රික්කයේ Lakhshak ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක, මගී බස් රථයක් අසලදීය. ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන් අතර කාන්තාවන් හා කුඩා දරුවන් ද සිටින බව වාර්තා වේ. බස් රථය හේරාට් ප්‍රදේශයේ සිට එරට අගනුවර වන කාබුල් නගරය බලා ධාවනය වෙමින් තිබිණ. මෙය පසුගිය මාස කිහිපය තුළදී ආරක්ෂක හමුදා සහ තලේබාන් සටන්කාමීන් අතර දරුණු ගැටුම් පැවති ප්‍රදේශයක් වේ.

රජය තලේබාන් සංවිධානයට ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත. මේ අතර ඇෆ්ගනිස්ථානයේ Jalalabad හී රජයේ කාර්යාල ගොඩණැගිල්ලක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ත්‍රස්තවාදීන් තිදෙනෙකු ඇතුළු 18 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබේ. එරට සරණාගතයින් පිළිබඳ කටයුතු කරන දෙපාර්තමේන්තුවේ ගේට්ටුව ආසන්නයේදී ත්‍රස්තවාදීන් විසින් කාර් බෝම්බයක් පුපුරුවා හැර තිබේ. පසුව ගැටුම ඇති වූ බව රජය පවසයි. මේ වසරේ මුල් මාස කිහිපයේ රට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ඇෆ්ගන් වැසියන් 1690 ක පමණ පිරිසක් මිය ගොස්  ඇති අතර 3,430 ක පමණ පිරිසක් තුවාල ලබා තිබේ.