Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

අමෙරිකානු මැතිවරණයට බලපෑම් එල්ල කළ ෆේස්බුක් පිටු සහ ගිණුම් 32ක් අවලංගු කෙරේ

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණයට බලපෑම් කරනු ඇති බවට සැක කෙරෙන ෆේස්බුක් පිටු සහ ෆේස්බුක් ගිණුම් 32ක් ඉවත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දේශපාලන බලපෑමක් එල්ල වන අයුරින් ප්‍රචාරණයන් ගෙන ගිය ෆේස්බුක් පිටු සහ ගිණුම් එලෙස ඉවත් කර ඇති බවයි. පුද්ගලයින් දෙලක්ෂ 90 දහසකට වැඩි පිරිසක් ඉවත් කළ ගිණුම් සමග සබඳතා පවත්වා ඇති බව සඳහන්.