Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය දිවයිනට‍

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිල සංචාරයක් සඳහා 01 වැනි දින දිවයිනට පැමිණේ. සිව්දින නිල සංචාරයක් සඳහා ඇය දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

2016 වර්ෂයේ මහලේකම් ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය වේ. මෙම සංචාරය තුළ දී පොදුරාජ්‍ය මණ්ඩල‍යේ මහලේකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර සිටී.

ලන්ඩනයේ පවත්වන ලද “2018 අන්තර් පොදුරාජ්‍ය මණ්ඩලය වෙළෙඳාම වැඩි දියුණු කිරීමේ රාජ්‍ය නායක සමුළුවේ” දී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සංචාරයේ දී පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අවධානය යොමු කිරීමට නියමිතව ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමු කෙරේ.