Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මොවුන් තිදෙනා ඉන්දියානු, මැලේසියානු හා මැසිඩෝනියානු ජාතිකයින් වන අතර පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඔවුන් ගුවන්තොටුපළ කරා යන අතරතුර ඝාතනයට ලක්ව ඇති අතර, කාබුල්හි මුසානි දිස්ත්‍රික්කයේ තිබි මොවුන්ගේ මළ සිරුරු හමවූ බව පොලිසිය පවසයි. මෙම මරණ සම්බන්ධයෙන් කිසිවකුත් වගකීම් බාරගෙන නොමැත.