Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 2, 2018

මේ යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමයයි

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අගෝස්තු 04දා ඇරඹේ. ඒ සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

අස්වනු නෙලීම නැගෙනහිර පළාතෙන් ආරම්භ වී තිබේ. එම නිසා එහි ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම පළමුව ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇත. එය අම්පාර දිස්ත්‍රික්කයේ උහන, කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කෙරේ. මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්ෂ හතරහමාරකට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබේ.

ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1.4ක ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවද, මෙවර යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,20,000කි. ඒ සඳහා රජය රු. මි. 4900 ක මුදලක් වෙන්කර තිබේ.