Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

ඉදිරියේදී අංශ හත­කින් ආර්ථි­ක සැල­සුම් ක්‍රියාත්මක කෙරේ

ලංකාවේ ආර්ථිකයේ හැඳිනගත් ප්‍රධාන අංශ හතක් ඔස්සේ දියුණු කිරීමට අවශ්‍ය 2018 – 2020 රාජ්‍ය ආයෝජන සැලැස්ම හා ඇස්තමේන්තු ගත මුදල් පිළිබඳ වාර්තාව මහා භාණ්ඩාගාරය විසින් එළි දක්වයි.

මහා භාණ්ඩාගාරය විසින් එළිදැක්වූ රාජ්‍ය ආයෝජන සැලැස්ම යටතේ වසර 2018 සඳහා රුපියල් බිලියන 814 ක ආයෝජන අවශ්‍ය බව හඳුනාගත් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ප්‍රකාශ කළේය. ඊට අමතරව ඉදිරි දෙවසරේ රාජ්‍ය ආයෝජන සැලැස්මට අනුව වසර 2019 ට රුපියල් බිලියන 944 හා වසර 2020 ට රුපියල් බිලියන 1064 ක ආයෝජනයක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර ඇතැයිද ආචාර්ය සමරතුංග මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු තවදුරටත් වේගවත් කරමින් වසර 2025 දී රට පොහොසත් රටක් බවට පත්කිරීමේ අරමුණින් රජය 2025 දැක්ම ඉදිරිපත් කර ඇත. ඒ දැක්මට අනුගතව රාජ්‍ය ආයෝජන සැලැස්ම එළිදැක්වූ බවද ලේකම්වරයා කීය. දිළිඳුකම තුරන් කිරීම, කුසගින්න තුරන් කිරීම, යහපත් සෞඛ්‍යයක් ඇති කරලීම, පිරිසිදු පානීය ජලය ලබාදීම, නවෝත්පාදනය දියුණු කිරීම යනාදිය ප්‍රධාන ඉලක්ක ජයගන්නට මේ හැඳිනගත් අංශ හතේ දියුණුව තුළින් සිදුකිරීමට ඉලක්ක කර ඇතැයිද ලේකම්වරයා පැවැසීය.

වසර 2025 දැක්ම තුළ දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ රාජ්‍ය ආයෝජන සහිත ව්‍යාපෘති කිහිපයක් යටතේ රුපියල් මිලියන 38784 බිම්සවිය වැඩසටහන, සීතාවක මානව සම්පත් මධ්‍යස්ථානය නවීකරණය කිරීම රුපියල් මිලියන 1150 දැක්විය හැකිය. විශේෂයෙන් රුපියල් මිලියන 225000 ක වියදමින් සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරීම, රුපියල් මිලියන 525000 ක් වියදම්කොට කොළඹ නාගරික දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම සිදුකෙරේ.