Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

ඇපල් සමාගම ලොව පළමු ඩොලර් ට්‍රිලියන සමාගම බවට පත්වේ

එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයේ වෙළෙඳ අගය පසු කර ගිය පෞද්ගලික අංශයේ ලොව ප්‍රථම සමාගම බවට ඇපල් සමාගම පත්වී තිබේ.

කාර්තුවේ ඉපැයුම් වේගයෙන් ඉහළ යෑමත් සමඟ ඇපල් සමාගම එම කඩඉම පසු කිරීමටත් සමත් විය. ඇපල් සමාගමේ කොටසක මිල ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 207.05 ක් ලෙස සටහන් වේ. 2007 වසරේදී චීන රජයට අයත් තෙල් සමාගමක් වන “පෙට්‍රෝචයිනා” සමාගම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ගියේය.