Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යොදවා ඇති අතර පොලිස් ජංගම සංචාරයකින් ආරක්ෂාව සැපයේ. උසස් පෙළ විභාගය දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2268ක්, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මකව පවතී.