Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

ලැව් ගින්නෙන් අක්කර තිස්දහසක් විනාශ වේ

අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්න මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් පවති.

ලැව්ගිනි වලින් අක්කර තිස්දහසකට අධික භූමි ප්‍රමාණයක් දැවී විනාශවී ඇති බව වර්තා වේ. මේ හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමටද ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබුණි.

ගිනි නිවීම් සේවකයින් මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටියත් එය ඉතා අසීරු කටයුත්තක් වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි. ලැව්ගිනි වලින් මේ  වසර තුළදී පමණක් අමෙරිකාවේ අක්කර මිලියන හතරකට අධික භූමි ප්‍රමාණයක් දැවී විනාශ වී ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් දැක් විය.