Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

ඉන්දූනීසියාවෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක්

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අගෝස්තු මස 18 වැනිදා පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට පැමිණෙන්නැයි ඉන්දුනීසියාව උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ආරාධනා කර ඇත. 

ආසියනු ක්‍රීඩා උළෙල අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර සමාරම්භක උත්සවයට පැමිණෙන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ටත් ආරාධනා කළ බව ඉන්දුනීසියා බලධාරිහු සඳහන් කරති. ලබන මස, එනම් අගෝස්තු මාසයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළලේදී උතුරු හා දකුණු කොරියාවට වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ද පැවසේ. උතුරු කොරියානු නායකයාට ආසියානු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට සහභාගී වන්නැයි ආරාධනා කිරීම සඳහා ඉන්දුනීසියාවේ මානව සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමතිනි පුවාන් මහරාණි ඇතුළු නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක නිරත වී තිබේ.

එහිදි ඔවුන් උතුරු කොරියාවේ නාමික රාජ්‍ය නායක සහ එරට උත්තරීතර ජනතා මන්ත්‍රණ සභාවේ විධායක සභාවේ සභාපති කිම් යොන්ග් නෑම් හමු වී සාකච්ඡා පවත්වා ඇත. තමන් උතුරු කොරියාවට පැමිණියේ ආසියානු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවයට සහභාගී වන්නැයි උතුරු කොරියානු නායකයාට නිල වශයෙන් ආරාධනා කිරීමට යැයි කිම් යොන්ග් නෑම් අතර පැවැති හමුවේදී පුවාන් මහරාණි අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙන අතර ඒ බව සඳහන් කරමින් ඉන්දුනීසියාව නිවේදනයක් නිකුත් කර තිබිණි. පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු සහ දකුණු කොරියාවේ තානාපතිවරුන් හමුවීමෙන් අනතුරුව දෙරටේ නායකයන් අතර හමුවේ සත්කාරත්වය දැරීමට ඉන්දුනීසියාව සූදානම් බව ද එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ පවසා තිබුණි.