Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

ඇමරිකානු රාජ්‍ය ලේකම් මැලේසියාවේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් හමුවේ.

ඒ සිය පළමු මැලේසියානු සංචාරයේ නිමාව සටහන් කරමිනි. 92 හැවිරිදි මහතිර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයට යළි පත්වීමෙන් පසු ඔහු මුණගැසුණු ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහුයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිංගප්පුරුවේ පැවැත්වෙන ආසියා විදේශ අමාත්‍ය සමුළුව සඳහා සහභාගී වනු ඇති. අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු දකුණ චීන මුහුදේ වාතාවරණය පිළිබඳ ට්‍රම්ප් පරිපාලනයේ ස්ථාවරය ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.