Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 5, 2018

න්‍යෂ්ටික මිසයිල වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක බවට චෝදනා

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන දිගටම කරගෙන යන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ චෝදනා කරන්නේ පසුගිය මාස කිහිපය පුරා ලැබුණු බුද්ධි වාර්තා පාදක කර ගනිමින් සකස් කළ වාර්තාවක් ඉදිරිපත් කරමිනි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපතිවරයාට පමණක් නොව, දකුණු කොරියා ජනාධිපතිවරයාට ද පොරොන්දුවක් දී ඇත්තේ න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන සම්පූර්ණයෙන් නවත්වා දැමූ බවය.