Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

චීන‍යේ ආදායම් බදු සංශෝධනයක්

සමාජ සාධාරණත්වය මුලික කර ගනිමින් චීන‍යේ ආදායම් බදු සංශෝධනය කෙරේ. මෙම බදු සංශෝධන සම්බන්ධයෙන් දින 5 ක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ ද්වි මාසික සැසියේදී මේ සදහා අනුමැතිය හිමිවිය.

ව්‍යවස්ථාපිත බදු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා ආදායම් සාධාරණ ලෙස බෙදාහැරීම මුලික කරගනිමින් මෙම සංශෝධන සිදු කෙරිණ. ඒ අනුව අඩු ආදායම්ලාභීන්ගෙන් අඩු බදු ප්‍රතිශතයක් සහ ඉහළ ආදායම්ලාභීන්ගෙන් වැඩි බදු ප්‍රතිශතයක් අය කරනු ඇත. එම සංශෝධිතයන්ට අනුව මෙතෙක් පැවති මාසික ආදායම් බදු අය කිරීමේ ආදායම් සීමාව යුවාන් 3500 සිට යුවාන් 5000 දක්වා වැඩිකර තිබේ. චීනයේ මුළු බදු ආදායම තුළ එකතු කළ අගය මත බද්ධ සහ ව්‍යාපරික ආදායම් බදු වලින් පසුව තුන්වැනි විශාලතම බදු ආදායමක් උපයා දෙන්නේ පුද්ගල ආදායම් බදු වලිනි.

ආදායම් බදු අය කිරීමේ ආදායම් සීමාව යුවාන් 3500 සිට යුවාන් 5000 දක්වා වැඩි කිරීමේ නීතිය මේ වසරේ නොවැම්බර් මස පළමු වැනිදා සිට සහ අනෙකුත් බදු නීති ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.